UK Sinhala Poth Kade
Sigiri Kodew | සීගිරි කොදෙව් by Shamel Jayakody
Sigiri Kodew | සීගිරි කොදෙව් by Shamel Jayakody
Couldn't load pickup availability
බොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, සීගිරි කොදෙව්’. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා අත්දැකීම් එකට කලතමින් සීගිරි භුමියත් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැඟව ඇති වටිනාකම් ඉස්මත්තට කැඳවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ශිඛරයක ඇරැඹුමත් යන මේ සියල්ල අපට මේ කතාව තුළ මුණගැසේ.
මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය හැදෑරූ ශමෙල් ජයකොඩි සිවිල් ඉංජිනේරුවරියක ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බැඳී දිවයින පුරා සේවය කරමින් ලැබූ අත්දැකීම් චිත්රණය කරමින් නිර්මාණකරණයට පිවිසියාය. ශ්‍රී ලාංකේය රසික විචාරක පර්ෂදයේ නොමඳ අවධානයට ලක් වූ නවකතා ගණනාවක් නිමවා ඇති ඇයගේ 'කොස්මොපොලිටන් ජීවිත', 'මගේ චිකාගෝ හදවත', 'වීනස්ගේ උපත', ‛ඇමෙරිකා’, 'ප්‍රංශ පෙම්වතා', 'රෝසමාලී', 'ගැහැනු ළමයාගේ මරණය', 'පියාපත් ලත් දෝණිය’, ‛පරාදීසයක දරුවෝ’ යන කෘති ස්වර්ණ පුස්තක හොඳම නවකතා වශයෙන් නිර්දේශිතව සම්මාන උලෙළ නියෝජනය කළේය.
Share
