UK සිංහල පොත් කඩේ
Sinhala Akuru Liyana Hati | සිංහල අකුරු ලියන හැටි by Pushpananda Ekanayake
Sinhala Akuru Liyana Hati | සිංහල අකුරු ලියන හැටි by Pushpananda Ekanayake
Couldn't load pickup availability
සිංහල අකුරු හරි ලස්සනයි . සෑම අකුරක්ම ලියන කලාවක් තියෙනවා විවිධ හැඩතල අනුව ලියන්න තියෙන නිසා යම් තාක්ෂණයකුත් තියෙනවා. ඒක හුඟ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා සිංහල අකුරු ලස්සනට ලියන්න කුඩා කාලයේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ. ඒ සඳහා ඉස්සරට වඩා අලුත් ක්රම දරුවන්ට කියා දෙන්න පුළුවන්.
‘පුෂ්පානන්ද ඒකනායක සිංහල අකුරු ලියන හැටි‘ නම් වූ මේ පොත් අපේ අධ්යාපන ක්ෂේත්රයට අදාළ වැදගත් කටයුත්තක්; බොහෝ දෙනෙකුට සම්පූර්ණ කරන්න බැරිවුන කටයුත්තක්, හොදින් සම්පූර්ණ කිරීමක් ලෙස හඳුන්වන්න කැමැතියි. ,මේ පොත පරිහරණය කරන කාට වුව හොඳින් වැටහෙනවා නූතන ලෝකය තුළ අකුරු ලිවීම කියන එක තාක්ෂණය ඔස්සේ ම දියුණුවක් ලබා තිබෙන බව. ඒ නිසා අකුරු කියන කලාව විද්යාත්මකව විග්රහ කරලා ඊට අදාළ තාක්ෂණය දරුවන්ට ඉගැන්වීමට පුළුවන්. පුෂ්පානන්ද මහත්තයා මේ පොතෙන් කර තිබෙන්නේ ඒ කටයුත්ත. එතුමා මේ පොත් මඟින් අපේ ගුරුභවතුන්ට ලොකු උපකාරයක්, සේවාවක් කරලා තියෙනවා . ඒක අපේ දරුවන්ගේ යහපතට හේතු වන්නක් .මේ පොත දරුවන්ට උගන්වන ගුරු භවතුන් වගේම, දෙමාපියනුත් පරිහරණය කලොත් යම් දැනුමක් ලැබෙන්නවා වගේම දරුවන්ගේ අත් අකුරු ලස්සන කරන්නත් සමත් වෙන බව මගේ අවංක හැඟීමයි.
Share

