UK Sinhala Poth Kade
Thaththage Duwa | තාත්තගෙ දුව by Thanuja Lumbini Thambawita
Thaththage Duwa | තාත්තගෙ දුව by Thanuja Lumbini Thambawita
Couldn't load pickup availability
තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක් | තනූජා ලුම්බිණි තඹවිට
අම්මලාට,
අම්මලා වෙන්න අසාවෙන් බලන් ඉන්න අයට,
අම්මා කෙනෙක් නූනත්
අම්මාමය ගුණෙන් ආදරේ බෙදන
ලෝකෙ ඉන්න
හැම ගෑනියෙක්ටම.
අපි හිටපු කුලී ගෙදර තිබුණ අඹ ගහේ අඹ ගෙඩි තුනක් තිබුණා. ඒ අඹගෙඩි තුනෙන් අඹ ගැටේ වැටුන දවසේ ඔයා ඒක අහුලගෙන අඹ පුතා වැටිලා, දැන් අඹ අම්මටයි තාත්තටයි කෝ අම්මේ පුතෙක් කියලා මූණ බෙරි කරගත්තා. එදා මුළු දවසම ඔයා දුක් උනේ අකාලෙ වැටුණ අඹ පුතා ගැන. ഗහ ගාවට ගිහින් ඉතුරු අඹ ගෙඩි දෙක දිහා බල බල ඕගොල්ලන්ට දුකදු කිය කිය ඔයා ඇහුවා. සැරින් සැරේ මං ගාවට ඇවිත් අම්මේ අඹ අම්මයි තාත්තටයිත් වැටෙන්න යන්නෙ කියල කිව්වා. එදා ඔයාගෙ චූටි හිත සැනසෙන්න මට කොයිතරම් දේවල් කිව්වත් ඔයාව අඹ ගහ ගාවට දුවන එක මට නවත්තගන්න බැරි උනා. පහුවෙනිදා අනික් අඹගෙඩි දෙකත් බිම වැටිල තිබුණා.
අම්මේ අඹ අම්මයි තාත්තයි වැටිලා. ඔයා අඹගෙඩි දෙක දෝතට අරන් ආවා. පුංච් රවුම් ඇස් ඇතුළේ කඳුළු පුරෝගෙන අම්මෙ මට දුකයි. කියලා ඔයා කිව්වා.
Share
