Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Waluka | වාලුකා by Shanthi Dissanayake

Waluka | වාලුකා by Shanthi Dissanayake

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

වඩ වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අප ඈත අතීතයට කැන්දාගෙන යමින් ගම් දනව් මත ජීවිතයද මහ පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් වෙලාගත් මිත්‍යාවේ අඳුරු මානව දයාවේ සුපස් ආලෝකය එක වර ගෙන හැර පාමින් විචිත්‍ර වියමනක අසිරිය විදහාපාන වාලුකා, වාලුකාවක කෙම්බිම් දකින්නට අපට බල කර සිටින වගයි.
අසූව දශකයේ අග භාගයේදී පුවත්පත් සහ සඟරාවල කවි පිටුව තුළින් පාඨකයන් හට මුල් වරට හමුවූ ශාන්ති දිසානායක. රිචඩ් - රාජිනි සමරු උළෙලේද ස්වාධීන සාහිත්‍ය උළෙලේද කවි කෙටිකතා සඳහා ජයග්‍රහණ ලබා ගත්තාය.
උතුරුමැද කලා උළෙලේ හොඳම නවකතාව ලෙස වසර අටක් මුළුල්ලේ ඇගේ නවකතා ඇගයීමට ලක් වූ අතර, 1998 ඩී. ආර්. ඩී. විජයවර්ධන සම්මානය ඇය විසින් රචිත වරාමල් අත් පිටපතට හිමි විය. වරාමල් නවකතාව 1999 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි කර ගත් අතර වරාමල් සේම අග්නි, හැන්දෑව, දේදුන්න, ගිරිකුළ ටෙලි නාට්‍යයට නැඟිණ. ගොඩගේ සම්මානයද, ස්වර්ණ පද්ම සම්මානයද හිමි කර ගත් සංග්‍රාමය "ධවල දූවිලි" චිත්‍රපටයට නැඟින. ඇයගේ පරඬැල් නම් වූ නවකතාව 2012 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහා නිර්දේශ වූවකි.

View full details