UK සිංහල පොත් කඩේ
Aga Pipi Mal | අගපිපිමල් by Sumithra Rahubadhdha
Aga Pipi Mal | අගපිපිමල් by Sumithra Rahubadhdha
Couldn't load pickup availability
"ඒ නැකැත් වෙලාවට මමම නාවනවා.
ඔහොම නැකතකට මාවත් නෑව්වනේ.
පොල් ගෙඩිය සොමෝසමේ බිඳුණා.
කෝ ඒත්,
කසාද බැඳපු මිනිහට කිසිම වරදක් නැතිව මාව එපා වුණා.
ඉසිදාසිට වුණා වගේ."
************************
"ගෑනියෙක් ආසාවට දික්කසාද වෙන්නෙ නෑ සන්ධ්යා. ඒක ඇනුම්පද කියන්න, හිනාවෙන්න කාරණාවක් නෙවෙයි. ඔය විදියට මිනිස්සු හැමෝම දික්කසාදෙ දිහා බැලුවම, දික්කසාද වෙච්ච ගෑනියෙකුට නිතරම සිද්ද වෙන්නෙ ගොලුබෙලි කටුවක් ඇතුළට රිංගගත්තා වගේ එළියට නෑවිත් ඉන්න."
*************************
"මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය "බල්ලෙක්" එහා කොණින් අමාට ඇසිණ.
"ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න." ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය.
"කවුද" අසිතගේ හඬ රළු විය.
"බල්ලෙක්" අමා පිළිතුරු දුන්නාය.
"බල්ලෙක්" අසිත එයම ප්රතිරාවය කළේය.
ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක."
Share

