Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Akramana | ආක්‍රමණ by Kanchana Alahapperuma

Akramana | ආක්‍රමණ by Kanchana Alahapperuma

Regular price £21.99 GBP
Regular price Sale price £21.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

නවාතැනෙන් එළියට පිවිසි යුවතිය ඉදිරියට පා තබන්නීය. ඇගේ නිල් පැහැ සාරිය සඳ එළියෙන් ආලෝකවත් වූ ගංගාවක් මෙන් රැළි නගයි. රිදී පැහැ සාරි බෝඩරය හිරුගේ ආලෝකයේ අවසාන රැස් දහරා අල්ලා ගෙන දිස්නෙ දෙයි. ඇගේ පාදවල නූපුර ඔහුට පමණක් ඇසෙන රෝමාන්තික තනුවක් පරිද්දෙන් නාද වෙයි. තබන සෑම පියවරකදීම, ඔහුගේ නෙතු තම සිරුර මත බව ඈ දන්නීය.

ඇය ඔහුගේ මෝටර් රථයට ළඟා වී නතර වූයේ දොර පියන විවර කර ගත නොහැකි නිසාවෙන් නොව, ඔහු තමා වෙනුවෙන් එය සිදුකරන බව ඇය දන්නා නිසාවෙනි. ඉදිරියට පැමිණි ඉන්ද්‍රනාථ ඇය වෙනුවෙන් නිහඬවම දොර පියන විවර කළේය. රථයට නැගෙන ලෙස නිහඬ බැල්මකින් ගෞරවයෙන් ආරාධනා කළේය. නමුත් ඇය රථයට නොනැග ඔහු දෙස බලා බැලුවාය.

"අපි කොහෙද යන්නෙ සර්..?”

ඇගේ පැනය හමුවේ ඇයට ඔහු වෙතින් ලැබුණේ සුපුරුදු රළු බැල්මය.

"මං එක්ක යන කොහාට හරි...”

 

 

View full details