UK Sinhala Poth Kade
Aluth Irak | අලුත් ඉරක් by Sandarenu Amarasinghe
Aluth Irak | අලුත් ඉරක් by Sandarenu Amarasinghe
Couldn't load pickup availability
"මගේ ජුනියර් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. මූ ගිහින් අභිවාර්යයෙන් මේ සිද්ධිය රස කර කර මගේ අනිත් ජුනියර්ලා සෙට් එකට කියනවා."
"මොනාද බලන් ඉන්නේ? දැන් තමුසෙගේ වැඩේ ඉවරයිනේ..! යනවා චේම්බර්ස්වලට."
ඌව එළවගත්තට මෙතන වට පිටේ මාව අඳුනන තව මිනිස්සු ඉන්නවනේ.
ඒ පාර බලාකොට ෆොටෝ කොපි කඩ ජේලීයේ මේසයක් දාගෙන ගොඩ පෙරකදෝරු වැඩක් එහෙම කරන් ඉන්න මෙන්ඩිස් ලොක්කා ජේලීන් ටී එකක් ගහන ගමන් අපි දිහා බලන් ඉන්නවා. මෙන්ඩිස් ලොක්කාගේ කට කොනක කිණ්ඩ හිනාවකුත් තියෙනවා.
"මෙතන මිනිස්සු හිනස්සන්නේ නැතුව නගින්න වාහනේට..!" මම සුනාලිට හරවල අනිත් පැත්තෙන් ගිහින් එයාගේ වාහනේ ඉස්සරහ සීට් එකට ගැහුණා.
පිස්සු දොස්තරට තිබ්බේ රතු පාට පොඩි මිනි කූපර් ඩිංකියක්. මේ වාහනේ හොඳයි පිස්සු දොස්තරට..! මේ සෙල්ලම් කාර් එකක් වගේ එකට නැග්ගම මගේ ඔලුවත් වහලේ වදිනවා. කකුල් දිග ඇරුගන්න බැරි නිසා දණිස් දෙක මගේ නිකටේ වදින සයිස්. මොකට ගන්න වාහනද මන්දා මේවා..!
Share
