Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Aluth Samajaya | අලුත් සමාජය

Aluth Samajaya | අලුත් සමාජය

Regular price £7.49 GBP
Regular price Sale price £7.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

අප හැමෝගේම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty) තවත් සරළව කිව්වොත් අප ළඟ මොනවා තිබුණාත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැගීමක් නිතර හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙමම තියෙනවා.

අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මත් කරනවා. ඒ නිසා ම තමත් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හගවමින් නිතර ම ලෝකයාට ‘ පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.

අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..

ඒ නිසා මේක ලිහනවා නම් ලිහා ගත්න ඕතෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕහෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා.

View full details