Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Aparajitha Jeewithayak | අපරාජිත ජීවිතයක් translated by Chintha Lakshmi Sinha Arachchi

Aparajitha Jeewithayak | අපරාජිත ජීවිතයක් translated by Chintha Lakshmi Sinha Arachchi

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ "අපරාජිතෝ" නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්‍ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ .

ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු "අපූ" නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.

View full details