UK Sinhala Poth Kade
Asanthruptha | අසංතෘප්ත by Dev Sri | N.S.Kanchanamala
Asanthruptha | අසංතෘප්ත by Dev Sri | N.S.Kanchanamala
Couldn't load pickup availability
ඔයයි නංගියි අතරේ මං නිසා ප්‍රශ්නයක් ඇති වෙනවට මං බයයි තේව්. මං තාමත් ඔයාට මගේ පණ තරම් ආදරෙයි. තවත් මට මේ දේවල් හිතේ හිරකරගෙන ඉන්න බෑ තේව්. මේ ටික නොකිව්වොත් මගේ පපුව පැලිලා යයි. එහෙම උනොත් මගේ දරුවට අම්මා කෙනෙක් නැති වෙනවා. ඒ නිසා මං ජීවත් වෙන්න ඕන.
අහස්වි මන්දාරා අටළුගම
මට මේ ඔක්කොම පැටලිලා තියෙන්නේ.
ගිය සතිය වෙනකං මං මැරි කරන්න හිටියේ මහිරු අයියව. අද මං ඔයාගේ වයිෆ් වෙලා. මොන විදියට සිටුවේශන් එක වෙනස් උනත් හිත.. දන්නවද තේව් හිත කියනදේ එහෙම ඉක්මනට වෙනස් වෙන්නේ නෑ. හිතුවත් එහෙම කරන්න බෑ.
සරස්වී රන්දාරා අටළුගම
මං තමුසෙව රිද්දන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ දාරා. රිද්දන්න අයිතිය නියෙන්නේ මට විතරයි රිද්දන්න අඬවන්න එතකොට මේ තරම් ලං වෙන්න ඒ පුලුවනුත් මට ව්තරයි. ඒක නිසා හොඳට මතක තියා ගන්නවා. මං ලං උනු සීමා එකකටවත් තවත් කාටවත් අත තියන්න ලැබෙන්නේ නෑ කියලා..
තේව් යුගාන් ඇතුගල
Share
