Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Batalandata Gini Thabuwemu | බටලන්දට ගිනි තැබුවෙමු by Nandana Weerarathna

Batalandata Gini Thabuwemu | බටලන්දට ගිනි තැබුවෙමු by Nandana Weerarathna

Regular price £7.99 GBP
Regular price £9.99 GBP Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

බටලන්දට ගිනි තැබුවෙමු” ජන මාධ්ය කරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. ‘ බටලන්ද කොමිසම ආරම්භ වුයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්රාසජනක චිත්රපටයක හැඩය ගත්ත ද මේ ග්රන්ථය ජිවත් වු හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වී අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.

නන්දන විරරත්න, ලේඛකයෙකි. වාර්තා චිත්රපටිකරුවෙකි. ඔහු කම්කරු මාවත සීණුව , ගිනි සිළුව ‘රාවය, ‘මව්බිම’, රතු තරුව සහ සතිඅග අරුණ පුවත්පත්වලට වාර්තා සැපයුවේය. විශේෂාංග රචනා කළේය. ලන්ඩනයේ බිබිසී ලෝක සේවයේ’ වැඩසටහන් සම්පාදකයෙකු ද (1995 -2001) විය. ඔහු පුරෝගාමී ගවේෂණාත්මක ජනමාධ්යකරුවෙකි. ඊළාම් යුද්ධය, ඊළාම් භූමියේ සිට වාර්තා කිරීමේ පුරෝගාමියෙකි. කමල් අද්දරා අරච්චිගේ ස්ත්රී දුෂණ නඩුව පිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරය කුලය හා දේශපාලන ප්රචණ්ඩත්වය’ හා ඝාතන ගම්මාන (1998/89) ගැන ඔහු ගවේෂණාත්මක වාර්තා, ගුවන් විදුලි වැඩසටහන් සහ වාර්තා චිත්රපට නිර්මාණය කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බ්රිතාන්යයේ දී යුද වාර්තා කරණයට හා ගවේෂණාත්මක ජන මාධ්යකරණයට පුහුණුව ලැබුවේය.

View full details