Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Baththalangunduwa | බත්තලංගුණ්ඩුව by Manjula Wediwardena

Baththalangunduwa | බත්තලංගුණ්ඩුව by Manjula Wediwardena

Regular price £6.99
Regular price Sale price £6.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

එකම ස්ත්රියකගෙන් පිය පුතු දෙදෙනෙකුට වෙන් වෙන් ව ලැබෙන දරුවන් දෙදෙනෙකු වෙත උරුම වනු ඇත්තේ කවර ඥාතීත්වයක්ද? එවිට මෙකී පිය පුතු දෙදෙනා අතර වර නැඟෙන්නේ කවර ඥාතීත්වයක්ද? බත්තලංගුණ්ඩුව ප්රශ්න කරන්නේ මෙම සංකීර්ණ ප්රශ්නයයි. නමුත් මෙම සංකීර්ණ ප්රශ්නය ගොඩනැඟෙන උගුලට මෙහි ප්රධාන කථකයා වන ඇන්තනි ඇතුළු වන්නේ ඔහුගේ ප්රේමවන්තිය හා විවාහ ගිවිස ගැනීමේ බාධාවක්ව පවතින තමන්ගේ සම්භවය ඔප්පු කරලීමට පියා සොයා ‘බත්තලංගුණ්ඩුව‘නම් කොදෙව්වට යන ගමන තුලිනි. මේ කතාව මුළුමනින්ම දිගහැරෙන්නේ සමස්ථ ලෝකයට සාපේක්ෂව ඉතා කුඩා දිවයිනක් වන ශ්රීලංකාවට සාපේක්ෂව ඉතා කුඩා කොදෙව්වක් වන වයඹ දිග මුහුද හා ලන්දේසි කළපුව ඇසුරේ ඇති ‘බත්තලංගුණ්ඩුව‘ නම් දූපතේ ඇති නිවහල්කාමී නූතනවාදී ශිෂ්ඨාචාරය තුළය. බත්තලංගුණ්ඩුව අවසානයේ දී ප්රශ්න කරන්නේ නිවහල්කාමය තුළ ඇති මෙම සංකීර්ණ ප්රශ්නයයි.

View full details