UK Sinhala Poth Kade
Chaththalisakara Maha Vipassana Bawanawa | චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව by Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero
Chaththalisakara Maha Vipassana Bawanawa | චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව by Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero
Couldn't load pickup availability
චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන- මාර්ග- ඵල- අභිඥා ආදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති මටිසම්භිදාමග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි.
සීලන්ත සූත්‍ර-සුතවන්ත සූත්‍ර දෙකෙහි දැක්වෙ කරුණු අනුව දැනට ජීවිතවේ පශ්චිම කාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටාගතිමු. කියැවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම් කිසි කරුණක් පිලිබද ඇතිවන දැනුමට වඩා උසස්, පිරිසිදු , පුලුල් දැනුමක් ඒ දෙය විස්තර කිරීමෙන් ලබාගත හැකිය. එබැවින් අපගේ දැනුම දියුණු කර ගැනීම, මෙය සම්පාදනය කිරීමට ප්‍රධාන හේතුවය ” යි කතෘ හිමියන් විසින් මේ ග්‍රන්ථය ගැන විස්තර කර ඇත.
කාටත් ප්‍රයෝජනවත් උවද චත්තාලිසාකාර විපස්සනාව කිසිදු පොතක විස්තර කර නැත. එබැවින් නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට මෙම ග්‍රන්ථය උපකාර වනු ඇත.
සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …
Share
