Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Dharma Winishchaya | ධර්ම විනිශ්චය by Most Ven. Rerukane Chandawimala Maha Thero

Dharma Winishchaya | ධර්ම විනිශ්චය by Most Ven. Rerukane Chandawimala Maha Thero

Regular price £6.99 GBP
Regular price Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

බුදු දහම කිලිටි කරනු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමැති, සැක උපද්දවා බුදු දහම ගැන බෞද්ධයන් කළකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන ප්‍රශ්න බොහෝ ඇත්තේය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති කිසියම් සුලු දෙයකින් හිස ඉදිමී ඇති ඇතැමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදි පින්කම් කරන හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහර දීම පිණිස අපදවන බොහෝ ප්‍රශ්න ඇත්තේය.  භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයන්ට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියා ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේය.

බුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කල ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම් වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුලත්ව ඇත්තේය.  ඒ ගණයට අයත් ධර්ම ග්‍රන්ථ අප සාහිත්‍යයේ සුලභව නැත. අප රටේද එබදු දහම් පොත් ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නැමැති ග්‍රන්ථය සම්පාදනය කරන ලදි” කතෘ ස්වාමීන් වහන්සේ .

බුදුදහම පිළිබද අසීමිත භක්ත්‍යාදරයෙන් ධර්මයේ චිරස්ථිතිය වෙනුවෙන් රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් රචිත මේ ග්‍රන්ථය ඔබේ සිතේ නිවන් මග අහුරන බොහෝ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදී තිබේ.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

View full details