UK සිංහල පොත් කඩේ
Divi Pimma | දිවි පිම්ම by Victoria Halt | Translated by I.K. Jinadasa
Divi Pimma | දිවි පිම්ම by Victoria Halt | Translated by I.K. Jinadasa
Couldn't load pickup availability
ලංකාවේ බ්රිතාන්ය ජාතික තේ වගාකරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇශින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ. කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්ත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතු යායක හිමිකාර මිතුරෙකු වූ ක්ලින්ටන් ද ඔහු සමඟ පැමිණෙන අතර විවාහ කර ගැනීමේ අරමුණින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දී සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා කරගත් වරදෙහි බරපතලකම අවබෝධ වන්නේ අනතුරුව ය. සැමියා ඔහුගේ බලය හා අණසක තමා කෙරෙහි පතුරුවනවා පමණක් නොව ඔහු තමාගේ ජීවිතයටද තර්ජනයක් වී ඇති බව ඇයට වැටහෙයි. අනතුරුව ගෙවන සාරාගේ ජීවිතය කෙබඳු වේද?
Share

