Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Dunhinda Handuwa | දුන්හිඳ හැඬුවා By Saman Edirimunee

Dunhinda Handuwa | දුන්හිඳ හැඬුවා By Saman Edirimunee

Regular price £17.99 GBP
Regular price Sale price £17.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

දුන්හිඳ හැඬුවා

"හැමදෙයක්ම වගේම හැමෝම වෙනදා වගේ නෑ මීස්... ලෝකේ මේ තරම් ඉක්මනට වෙනස් වෙනවා කියලා මං ඉස්සර හිතුවේ නෑ... හැබැයි මං දැන් තදින්ම විශ්වාස කරනවා... මේ ලෝකේ වෙනස් වෙනවා... අපි හිතන්නේ නැති තරම් ඉක්මනට..."

මම වරින් වර ඇගේ කුස දෙස හොරැහින් බැලුවෙමි. ඇඳ ඇතිරිල්ලකින් වැසී ඇති කුස පිටටම වෙනසක් පෙනෙනා තරම් තවමත් තෙරා වී නැත.

"මෙයාට මොකද?"

මම අහිතක් නොහිතාම යුවතියගේ කුසට අත තබා ඇසුවෙමි. ඇය ක්ෂණිකව තිගැස්සී මෙන් මදෙස බැලුවාය. මොහොතක් මා දෙස බලා උන් ඇගේ දෙකෙනත්වලින් කඳුළු මෝදුචිණි. මා ඇසුවේ වැරැදි යමක්දැයි මම කල්පනා කළෙමි.

"කියන්න අකමැති නම් කියන්න එපා... සමාවෙන්න එහෙම දෙයක් ඇහුවට..."

මම අඩෛර්යමත් වූවා සේ කීවෙමි. යුවතිය ඇගේ කුස මත තිබූ මගේ අත මා ඉවතට ගනිත්ම අල්ලාගත්තාය.

"ඔ...යා... ඒ...ත...ර...යි... එයා... ගැන... ඇහුවේ... අම්මලාවත්... ඇහුවේ නෑ ගගන..."

යුවතිය ඉකිගසමින් හැඬුවාය. මගේ පපුව ඇවිළෙන්නට විය. දනිමි, කිසිවෙකුත් මා හා එකඟ නොවනු ඇත. දවසක් හෝ ආදරය කළ යුවතියකගේ දෑසේ කඳුළු දැක හිනැහෙන්නට තරම් මගේ පිරිමි හිත තවමත් දරුණු නැත. මේ මොහොතේදී යුව මා ප්‍රාර්ථනා කරන්නේ ඇයට අඬන්නට හේතු කාරණා ඇත්නම් ඒ සියල්ල මගේ ජීවිතය මත වැටేවායි කියාය.

"එයා ඉන්නවා... මං කොයි තරම් නරක කෙල්ලෙක්ද?"

"ඕන වුණේ ඔයාව නැතිකරගන්නද? මෙයාව නැතිකරගන්නද?"

මම සෙමින් ඇගේ නෙත්වලින් ඇසුවෙමි. ඇය දෙකතින් මූහුණ වසාගත්තාය. මට පිළිතුරු අවශ්‍ය නැත. නමුදු ඇය, ඇය සඳහාම ඊට පිළිතුරක් සොයාගත යුතුවැයි මම තරයේ විශ්වාස කළෙමි.

View full details