Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Find me | ෆයින්ඩ් මී translated by Nilanthi Ediriweera

Find me | ෆයින්ඩ් මී translated by Nilanthi Ediriweera

Regular price £10.99 GBP
Regular price Sale price £10.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

කැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. “ඔයා අතරමං වෙලා ද?”
අවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවිය නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. “ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න?” දැරිවිය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය. “එයා ගියේ අර පැත්තට.”
“අපි එයාව හොයාගමු.”
“අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද?”
මෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. “අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද?”
“මට ඒක කියන්න බෑ.”
“ඇයි බැරි?”
“නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද?”
“මොන සෙල්ලමේ ද?”
“සෙල්ලම. අපි කරන සෙල්ලම.”
කොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. “දුවන්න!”

 

View full details