Skip to product information
1 of 4

UK සිංහල පොත් කඩේ

Gini Gath Kandu Muduna | ගිනි ගත් කඳු මුදුන by Victoria Halt | Translated by Krishani Sandamali Munasinghe

Gini Gath Kandu Muduna | ගිනි ගත් කඳු මුදුන by Victoria Halt | Translated by Krishani Sandamali Munasinghe

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

" ඔයා කිව්වේ බ්ලාවන් උඩ කියලා නේද ?"
" ඔව් එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියනවා ස්කැවේග් විල පැත්තට . ඒ අය දැකලා තියනවා බ්ලාවන් මුදුනට භාගයක් විතර දුරින් ලොකු ගින්නක් . රෑට පේන දුර බලන කන්නාඩියකින් බැලුවම දැකලා තියෙන්නේ.ඒක හරියට ගිනි මැලයක් වගේ තීරුවක් විදියට පත්තු වෙන බව"
ඔහු නැවතත් දිලිසෙන විල දෙස බැලුවේය.
" එයාලා දැකලා තියනවා උඩට මතුවුණු ලෑල්ලක් වගේ පළල ගල් තලාවක්.වේලුණු දර කෝටු,බර්ච්, හෙදර් වගේ ඒව ගල් ලෑල්ල පුරාම අතුරලා තිබිලා.පිච්චිලා අලුවෙලා තිබුණලු. ඒ කළු ගැහිලා තිබුණ පැල්ලම උඩ උඩුබැලි අතට තිබිලා හමුවෙලා තියෙනවා හෙදර්ගේ මිනිය.

දෙවෙනි එළිසබෙත් මහ රැජිනගේ අභිෂේක මංගල්යය සහ එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්ද තරණය කිරීම සිදුවූ කාලය පසුබිම් කරගෙන ලියැවී ඇති විසිවැනි සියවසේ මැද භාගයේ මහා බ්රිතාන්යයේ තිබූ සමාජ තත්වයන් සහ ජීවන රටාවන්ද පිලිඹිබු කරන මෙම කතාව කියවූ පසු කන්ද මත බිලි පූජා පවත්වන ඝාතකයා කවුරුන් දැයි දැනගන්නට ඔබට හැකිවනු ඇත.

Mary Stewart ගේ Wildfire at Midnight කෘතිය " ගිනිගත් කඳු මුදුන ලෙසින් ඔබ හමුවට ගෙන එන්නේ ක්රිශානි සඳමාලි මුණසිංහ විසිනි . මෙය තවත් නවතම සූරිය ප්රකාශනයකි.

View full details