Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Irunu Pitu | ඉරුණු පිටු by Aseni Warsha | Nisansala Senadheera

Irunu Pitu | ඉරුණු පිටු by Aseni Warsha | Nisansala Senadheera

Regular price £11.49 GBP
Regular price Sale price £11.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

 

"මනමාලි ලස්සනයි. ලෙක්චර් කෙනෙක් කියන්නෙ... භද්‍රා අක්කට හොඳයි ඉතින්... තුන් දෙනාම හොඳ ජොබ් කරන අය බැන්දැ."

"ඔව්, අක්කා සැහෙන්න දුක් විඳලා ඔය දරුවෝ ඔය තත්වෙට ගෙනාවේ" තවත් තැනැත්තියක් එසේ පවසද්දී වෙනත් තැනැත්තියක් සිනාසෙනු පෙනිනි.

"දැන්වත් අක්කා කොල්ලා නිදහස් කරයිද දන්නේ නෑ. මට තියෙන බය පුතාව අතාරින්න තියෙන ලෝබකමට මේ ළමයා එක්කත් පැටලෙයිද කියලා"

"කිව්වා හරියයි. අයියා නැති වුණාම අක්කට හිටියෙ දරු තුන්දෙනා විතරනෙ. කෙල්ලෝ දෙන්නත් ගියාම කොල්ලා විතරනෙ ළඟ හිටියෙ. ඉතින් කෝකටත් හිටියේ පුතා හින්දා අක්කා ළඟ වුණෝ පුතාට. දැන් පුතෙක් නෙවේයි, දුවෙකුත් ඉන්නවනේ. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ."

එහෙත් වෙනත් තැනැත්තියක් ඊට එකඟ වූයේ නැත.

"ගොඩක් අම්මලාට දුවලා අතාරියට පුතාවලව අතාරින්න බෑ. අක්කත් එහෙම වුණොත් නම් ඉවරයි. පුතාට තමයි එපා වෙන්නේ. දෙන්නා අතරේ ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ තැලෙන්න වෙන්නේ මේ කොල්ලට"

ඉතින් එය ඇසූ මොහොතේ පටන් සිතට සැනසුමක් වූයේ නැත. බොහෝ මව්වරුන් පුතුන් සමඟ වන පෙකණි වැල කපා දමන්නේ නැත. එහෙත් ගැටලුව වන්නේ එවන් නැන්දණියන් නිසා අසරණ වන්නේ දියණියන් වන බැවිනි.

'මගෙ කෙල්ලටත් එහෙම වෙයිද දෙයියනේ...'

 

View full details