Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Ayirin | Irene | අයිරින් by Prisila Godahewa

Ayirin | Irene | අයිරින් by Prisila Godahewa

Regular price £8.99 GBP
Regular price £9.99 GBP Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මම අයිරින්... මගෙ අයියා තෝමස්, මල්ලි ජූඩ්, නංගි රෝසි එයා තමයි ගෙදර බාලම දරුවා... අපිව පොඩි කාලේ බලා ගත්තේ අපේ ග්රැනී... මමීගෙ මම්මා... අනේ එයා අපිව දාල ස්වර්ගස්ත උනානේ... එයා කොළඹ ගිය වෙලේ පපුවේ අමාරුවක් හැදිලා නැති උනා... අපේ මමිත් නිතරම අසනීපයෙන්නේ ඉන්නේ. ඉතිං අපේ මමීට, අපි දරුවෝ හතර දෙනාවම ගෙදර තියාගෙන බලන්න බැරි නිසා.. අපේ ඩැඩී, අයියා තෝමස්ව කොළඹ ලොකු මමීලගෙ ගෙදර නැවැත්තුවා. තෝමස් කොළඹ ඉස්කෝලෙට දැන් යන්නේ ලොකු මමිගෙ ගෙදර ඉදන්...

මාව මීගමුවේ කතෝලික පාසැලේ හොස්ටල් එකට එව්වේ ඒ නිසයි. කොන්වන්ට් එකේ ගෑනු ළමයි, හොදට ගුණ ගරුකව හැදෙනවා කියලා තමයි මාව එහෙ නැවත්තුවේ...”

එහෙමද..? එතකොට අයිරින් දැන් කවුද ගෙදර ඉන්න නංගියි මල්ලිවයි බලාගන්නේ..?”

" අපේ මමීගෙ ඉස්කෝලේ යාළුවෙක්... ජූලියා ආන්ටි අපේ ගෙදර ආවා, රෝස්වයි ජූඩ්වයි බලාගන්න... ඒ නිසා අපේ මමීට දැන් හරි ලේසියි. හැබැයි ජූලියා ආන්ටි ආවට පස්සේ අපේ ගෙදර ඉස්සර වැඩ කල එලිසා, දැන් වැඩට එන්නෙ නෑ... ජූලියා ආන්ටිට අපේ ඩැඩි ඕනෑවටත් වඩා සලකනවා කියලා...

View full details