Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Kaliyugaya | කලියුගය by Martin Wickramasinghe

Kaliyugaya | කලියුගය by Martin Wickramasinghe

Regular price £6.99
Regular price Sale price £6.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

අනුලා දරුවන් බලා සොයා ගැනීම නිසා නන්දා වැඩි නිදහසක් විශ‍්‍රාමයක් හා සැනසුමක් ලැබුවාය. ඈ වඩ වඩාත් ඉහළ සමාජයේ ගැහැනුන් හා පිරිමින් ඇසුරු කරමින් සන්තෝෂ වීම එහි එක් ප‍්‍රතිඵලයක් විය. ඔවුන් හා කතාබහෙන් ඔවුන්ගේ උත්සවවලට යෑමෙන් නන්දා ලබන ආස්වාදය කිසිවකු මත්පැන් බීමෙන් ලබන ආස්වාදයට අසාමාන නොවීය.

 

‘‘අගහිඟ නිසා අයිරින් හා මා දුක් විඳි පීඩාත් අයිරින් දුකින් මිය යෑම සිහිවන කල හරමානිස් බාස් මට මතක් වෙයි. මවුපියන් කරන නරක ක‍්‍රියාවල විපාක දරුවන් විඳිතියි කියනු මා නොයෙක් වර අසා තිබේ. ඒ කියුම් මා විශ්වාස නොකරන නමුත් මට මගේ සිතින් බැහැර කළ නොහැකිය.''

''ධනවත් ගෑනුන් හා පිරිමින් සතියකට දෙතුන් වරක් ගෙදරට කැඳවාගෙන ඔබත්” තාත්තාත් ඔවුන් හා කතාබහ කරමින් සිනාසෙමින් කැවිලි කමින් තේ බොමින් සමහර විට පිටතින් පැමිණියන්ට මත්පැනින් සංග‍්‍රහ කරමින් සන්තෝෂ වූහ. ඇතැම් දවසක තාත්තාත් ඔවුන්ගේ යාළුවොත් මත්පැන් බොමින් ? බෝවනතෙක් සන්තෝෂ වූහ. ඇතැම් දවසක ඔබ වේලපහින් කන්නට දී අප නින්දට යැව්වාය. වරක් නින්දෙන් අවදි වූ චන්‍ද්‍රසෝම නත්තලට ලැබුණු රතික්‍ඳ්ක්‍ඳා පෙට්ටියක් ගෙන ගොස් ඔබත් තාත්තාත් අනෙක් ගැහැනුන් හා පිරිමින් කතාබහ කරමින් සිටි සාලයට පිවිසෙන එක් දොරටුවක් ළඟ තබා ගිනි තබන්නට සිතුවේය. මම චන්‍ද්‍රසෝමව එයින් වැළැක්වූයෙමි..''

View full details