Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Kantharaye Daruwo | කාන්තාරයේ දරුවෝ translated by Ranjith Kuruppu

Kantharaye Daruwo | කාන්තාරයේ දරුවෝ translated by Ranjith Kuruppu

Regular price £5.99 GBP
Regular price £7.99 GBP Sale price £5.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

 “කාන්තාරයේ කුසුම"  ග්‍රන්තය ඔබ වෙත ගෙන ආ කතුවරිය​ වන​ වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ?  යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. "ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත".

පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.

View full details