UK Sinhala Poth Kade
Lotus | ලෝටස් by Saumya Sandaruwan Liyanage
Lotus | ලෝටස් by Saumya Sandaruwan Liyanage
Couldn't load pickup availability
ජනේලය වහලා දාන අදහස අත්හැරපු මම ඒ උණුසුම් හීතලක් පිරිලා තිබුණු විදුරුවත් එක අතක රඳවගෙන, ජනෙල් පඩිය උඩින් වාඩිවෙලා ඈත කෙළවරක් නොපෙනෙන හිස් කලුවර අවකාශය දිහා බලාගෙන හිටියා. පහළින් එන්න එන්නම වැඩිවුණු අර මිනිස් පොදියෙ ආවේගය ගැනවත්, ඒ මොහොතෙ මගේ ස්වරූපය ගැනවත් කිසිම අදහසක් හිතට වැද්දගන්නේ නැතුව ඒ කලුවර සහ හීතල අත්විඳින්නයි මට ඕන වුණේ. පහළ සිද්ධවෙන දේවල් මැරීන් ඩ්‍රයිව් එක දිගේ දැල්වුණු තැඹිලි පාටට හුරු කහපාට වීදි ලාම්පුවල එළියෙන් මට පෙනුණත්, පුංචි සඳලුතලය සහ ජනේලය ළඟ රැඳිලා තිබුණු අඩ අඳුර නිසා පහළ ඉඳල බලන කෙනෙකුට මාව සම්පූර්ණයෙන්ම නොපෙනෙන බව මම දැනගෙන හිටියා. හීතල මුහුදු හුළඟට නිරුවත් උඩුකය පුරා හීගඩු පිපෙද්දි; ශලනි කියන ජනප්‍රිය නිළිය අඩ නිරුවතින් ජනෙල් පඩියක් උඩ වාඩිවෙලා විස්කි වීදුරුවක් තොලගාන ඒ දර්ශනය, පහළ මැරීන් ඩ්‍රයිව් එක පුරා රැස්කමින් හිටපු මිනිස් පොදියට පෙනුණනම් ඒක එතනට කොයි විදියෙ උත්තේජනයක් සපයාවිද කියන කාරණය ගැන මම කල්පනා කළා.
‘ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අඳුර ගැන. මතක තියාගන්න, තරුවකට දිළිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ඝන අන්ධකාරය ඉවසන්න...’
Share
