UK Sinhala Poth Kade
Magaret | මාගරට් by Randika Kadawathaarachchi
Magaret | මාගරට් by Randika Kadawathaarachchi
Couldn't load pickup availability
මාගරට් - රන්දික කඩවතආරච්චි
"කීයටද බං සිල් පවාරණ කරන්නේ?"
"පහට ලු බං"
"යකෝ තව කොච්චර වෙලා ඉන්නද දැන් නම් කොන්දත් ඇදුම් දෙනවා"
"ඔව් බං මටත් ඉන්ඩ බෑ"
මිලි නෝනාත් මාගරටුත් පුටු පුටු ගාමින් සිටිනා විට ලොකු හාමුදුරුවෝ වැඩියේ හවස බණ දේශනාවටය.හැමදෙනාටම භාවනා කිරීමට වාඩිගන්නා ලෙස ලොකු හාමුදුරුවෝ උපදෙස් දුණි.මාගරට් හා මිලි නෝනාත් කොන්ද කෙලින් තබාගෙන වම් අත්ල මත දකුණු අත්ල තබා ඇස් පියා ගත්හ.
"මම නිදුක් වෙම්වා..
නීරෝගී වෙම්වා..
සුවපත් වෙම්වා..
නිවන් දකිම්වා.."
ලොකු හාමුදුරුවෝ හඩනගා කියයි.මිලිනෝනා ඊටත් වඩා හයියෙන් කියයි.හාමුදුරුවන් කියන්නටත් පෙර නිවන් දකිම්වා කී වෙලේ
"මම කීවාට පසු සිතෙන් සිතන්න යැ"යි
ලොකු හාමුදුරුවෝ පහත් හඩින් කීවේය.එවිට මිලිනෝනා "මම කීවාට පසු සිතෙන් සිතන්න යැ"යි
බෙරිහන් දී කීවාය.එවෙලේ මාගරට් මිලිනෝනාගේ කනට කර කීවේ,
"යකෝ හිතපන් කියල කීවේ බලියන්න නෙමෙයි "
"කිරි අප්පට..හුකෑස්..."
-මාගරට්
පිටු අංක 40-41
Share
