UK Sinhala Poth Kade
Maha Piruwana Poth Wahanse | මහ පිරුවානා පොත් වහන්සේ
Maha Piruwana Poth Wahanse | මහ පිරුවානා පොත් වහන්සේ
Couldn't load pickup availability
බෞද්ධයන්ට ඇති ශාන්ති කර්මය පරිත්‍රාණ දේශනාවයි. පරිත්ත-පරිත්‍රාණ යන පාලි සංස්කෘත වචන දෙක වෙනුවට සිංහලෙන් ව්‍යවහාර කරන වචනය වනුයේ පිරිත් යන්නයි.
පරිත්ත යන වචනය අටුවා චාරිත්‍ර විග්‍රහ කරන ආකාරයට,
පරිසමන්තතෝ තායති රක්ඛති පරිත්තං
අන්තරායං පරිහරන්තං තායතිතී පරිත්තං
පරිතොවා සබ්බුපද්දවො තායතිතී පරිත්තං
මහා තෙජවන්තාය සමනතතෝ සත්තතානො භයං
උප්පද්දං උපසග්ගං ච තායති රක්ඛති පරිත්තං
හාත්පසින් ආරක්ෂා කරයි. අන්තරාය දුරුකරමින් ආරක්ෂාව දෙයි. සියලු උපද්‍රවයන් ගෙන් ආරක්ෂා කරයි. මහ තෙජවත්ව බැවින්හාත්පසින් සත්වයන්ගේ බිය ද උවදුරුද අනතුරුද දුරුකොට ආරක්ෂා කෙරෙයි යන්න "පිරිත්" යන වචනයෙන් අර්ථ ගන්වයි.
පරිත්‍රාණ ධර්මය ඇසීම කායික-මානසික සුවය ලබාදීමට හේතු වේ. මිනිස් සිත පිරිත් ඇසීම නිසා සන්සුන් තත්වයට පත් වේ. ඒ නිසාම පිරිසිදු වූ සිත නිසාචෙන් ලේ ධාතුවද පිරිසිදු බවට පත්වේ. නීරෝගිභාවය නිරතුරු ඇතිවේ, එපමනක්ද නොවේ, නිරෝගී මනසින් යුතු පුද්ගලයා කරණ කියන දේ නිරවුල් වේ. මේ නිසා මුලු මහත් සමාජයට මෙත් වැඩීමට තරම් දියුණු සිතක් ඇතිවේ. මිතුර දම් පැතිර යාම නිසා අන් අයගෙන් ද උවදුරු නොසිදු වේ. ජීවිතය යහපත් වේ.
මේ නිසා අපට පැහැදිලි වන දෙයක් ඇත. චිත්ත පාරිශුද්ධිය නොමැතිව පිරිත් ඇසීමෙන් ඇති ඵලය අඩුය. පිරිත් දේශනා කරන්නාද අසන්නාද දෙදෙනාම (දෙපක්ෂයම) නියම අයුරින් කටයුතු කිරීම තුළින් පිරිත්හි ගුණයා ලබා ගත හැකිය. නො එසේ නම් එහි ගුණයා ලබා ගැනීමට අපහසුය.
Share
