Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Mihidan Nowu Minisek | මිහිදන් නොවූ මිනිසා by Brigadier Ranjan Wijedasa

Mihidan Nowu Minisek | මිහිදන් නොවූ මිනිසා by Brigadier Ranjan Wijedasa

Regular price £8.49
Regular price Sale price £8.49
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

සොල්දාදුවෙක් යුද්ධයට යන විට බොහෝ අය සිතන්නේ ඔහුට කල හැකි වන්නේ යුද්ධ කිරීම පමණක් කියාය. යුද්ධ කිරීම හැර තවත් බොහෝදේට දක්ෂ සොල්දාදුවන් මම දැක ඇති අතර, බ්‍රිගේඩියර් රංජන් විජේදාස ඒ අතරින් කැපී පෙනේ. මතකයේ රැදේ. හිරිමල් යෞවනයේදීම හමුදාවට බැදී යුද්ධයේදී සිය ශරීරාංග පවා ඔහුට අහිමි වුවත් ඔහු පසුබටවූ කෙනෙකු නොවේ. වෙඩ් උණ්ඩ හෝ බෝම්බ වලට ඔහුව නවතන්නට හැකි නොවීය. යුද්ධය නිමා කිරීමට සිය උපරිම දායකත්වය යුධ බිමට ලබාදුන් ඔහු ඉන් පසුව දිවයිනේ විවිධ කඳවුරු වල සේවය කරමින් තමන්ගේ නායකත්වය මනාව විදහාපැවේය. සැබවින්ම ඔහු නිර්මාණශීලි මිනිසෙකි. ඔහු සිටින තැන වඩාත් ඉහළ තැනකට ඔසවා තබන්නට එම නිර්මාණශීලිත්වය හේතු විය.

ඔහුගේ අධිෂ්ඨානශීලි බවට, නොපසුබට උත්සාහයට සහ නිහතමානි බවටත් නිර්මාණශීලි බවටත් කැපවීමටත් මම ඉතා ඉහළ වටිනාකමක් දෙමි. ඔහුගේ ජීවන අත්දැකීම් ඉතාමත්ම සාරවත්ව මෙම කෘතියෙන් ඔහු ඔබට ඉදිරිපත් කරයි. කිසිදාක හමුදා කඳවුරකට යන්නට වරම් නැති අයෙකුට පවා මනස් චිත්‍රයක් මවා ගනිමින් හමුදා කඳවුරක් තුල පුහුණුවේ යෙදෙන්නටත්, සොල්දාදුවෙකු වන්නටත්, යුද්ධයට යන්නටත් ඔහුගේ මෙම කෘතිය තුලින් අපට මාවත එළිදක්වා දක්වා ඇත. නියම මිනිසෙන් වන්නට නම් පුතෙක් සැදිය යුතුය, ගසක් සිටවිය යුතුය, පොතක් ලිවිය යුතුය යන චීන කියමන සනාථ කරමින් ඔහු පොතකුත් ලියා ඇත. ඒ අතින් රංජන් පරිපූර්ණ මිනිසෙකි. මෙම කෘතියෙහි පසුවදන ලියන්නට මට අවස්ථාව ලැබීම ඉමහත් භාග්‍යක් ලෙස දැනේ. රංජන් ඔබට ඉදිරියට යන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යැයි පතමි.

ඔබට ජයෙන් ජය!

View full details