UK Sinhala Poth Kade
Naga Meheyuma | නාග මෙහෙයුම by Fedrick Forsyth | Ananda Sellahewa
Naga Meheyuma | නාග මෙහෙයුම by Fedrick Forsyth | Ananda Sellahewa
Couldn't load pickup availability
ඇමෙරිකාවට හා යුරෝපයට මහත් ව්‍යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලධාරීන් අනුගමනය කරන අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ක්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆෝසයිත් තම ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් තුළින් තුළින් ඉතා මැනවින් විස්තර කරයි.
නූතන තාක්ෂණය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම ව්‍යාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද, මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපයීමේ තෘෂණාවෙන් පෙළෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
සැමවිටම ඉතා තර්කානුකූල විග්රහයන් ගෙන් යුත් ෆෝසයිත්ගේ අනෙක් නවකතා මෙන්ම නාග මෙහෙයුම ද පාඨකයා මුල සිට අවසානය දකාවා ඇද බැඳ තබාගන්නා ආකාරයේ තොරතුරු හා ක්‍රියාදාම වලින් යුක්ත වෙයි.
Share
