Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Neuralink | නියුරලින්ක් by Piyumi Jayakalani

Neuralink | නියුරලින්ක් by Piyumi Jayakalani

Regular price £6.99 GBP
Regular price Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

පියුමි ජයකලණී විසින් රචිත ඇයගේ තුන්වන පොත නියුරලින්ක්" කෙටි කතා සංග්‍රහයයි. පියුමි වෙසෙන්නේ සුන්දර සීතල එක්සත් රාජධානියේ ය.ඇය තම රාජකාරි ජීවිතය තාක්ෂණය හා ගවේෂණය සමඟ සැබැඳීම නිසාම මේ පොත විද්‍යා ප්‍රබන්ධය කතා මාලාවකින් එළි දක්වා ඇත.Elon musk ගේ " NURALINK" සංකල්පය නෙත ගැටීමෙන් එය අධ්‍යනයෙන් පසු මේ පොත ලිවීමට තමන්ට සිතුන බවත් පොතට මේ නම සෑදීමට එය හේතු වූ බවත් පියුමි ඇයගේ පොතේ හැඳින්වීමේදී සඳහන් කර තිබුණි.
ගතානුගතික සමාජ සම්මතයෙන් ඔබ්බට ගොස් යතාර්ථවාදී නිරූපණය වස් ඕලාරිකත්වය නම් සැකිල්ලට ෆැන්ටසි වස්ත්‍රය ඇන්ඳ වූ නමුත් මෙහි සමහර කතා සත්‍ය සිදුවීම් පදනම් කරගත් ලියවිල්ලක් බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නීය.
එකිනෙකට වෙනස් කෙටි කතා හතකින් මේ පොත වර්ණවත් වී තිබේ.ඒවායේ තේමාවන්ද වෙනස් ය."පාට දෙකේ යතුරු කැරැල්ල,නියුරලින්ක්,Big Ben කුලුන යට,ඔබ ආයෙමත් ඇවිදින්,Lucky Number 21,ඔයා හිතුවට එහෙම ඉවර නෑ මේක,හා Dartford පාලම උඩ මරණ 2යි" මේ කතාය.
බොහෝ කතාවන්ට මෙරට පසුබිම් වී ඇතත් බොහෝ කතා විදෙස් සමාජ පසුබිමකය. කියවන රසිකයාට එම රටවල ප්‍රසිද්ධ ස්ථාන පිළිබඳව මෙන්ම ඒ පරිසරය ,සොබාදහම කලාව අරුමැසිය ගැන යථාවබෝධය ලබා ගැනීමට මින් අවකාශ ලැබේ.
මෙහි පළමු කෙටි කතාව "පාට දෙකේ යතුරු කැරැල්ල " අපූර්ව ජීවිතාස්වාදයක් මෙන්ම සියුම් වින්දනයක් ලැබෙන කතාවකි.
කාලයක් තිස්සේ සැකයට තුඩු දුන් මිනිස් හැසිරීම් විචක්ෂණශීල ලෙස හැසිරෙන අයුරු ඉන් මනාව පිළිඹිඹු කරයි.
එලෙසම මෙහි එන " නියුරලින්ක් " නම් කෙටි කතාව මුළු මහත් ලෝකයේ ඕනෑම තැනකින් කතාවන්ට වස්තු බීජ පාදක කර ගන්නට හැකි බව පෙන්වයි.
"කොතෙක් දුර මුත් ඇතිය ළඟ පැති ආදරේ කිසි දිනෙක නොමියති" එය ඇත්තක් බව් පියුමි පාට දෙකේ යතුරු කැරැල්ල කතාවෙන් අපට මනාවට කියා දී තිබේ.අතීතය ,වර්තමානය ,හ අනාගතය අතර සිතිවිලි මුදා හරිමින් අපිව කියවීම අතර අතරමං කරමින් මේ කතාව ගලාගෙන යයි.පියුමි ගේ බස රසවත් සුමට බසකි.එයම අපිව කියවීමට ආසක්ත කරවයි.
" ගැහැණියකගෙ හර්ද සාක්ෂිය නිමක් නොමැති ගැඹුරු විශ්වයේ ඇති රහසක් සේය..."
ඒ ලිවීම මට රසවත් ලිවීමකි...කියමනකි..
ගැහැනියක ගේ ඇතුලු හදවත ආදරය විරහව බලාපොරොත්තුව අතර දෝලනය වෙමින් හරිම රසවත් ලෙස පියුමි ජයකළණි ගේ නියුරලින්ක් කෙටි කතා ගලා යයි.
ජීවිතයේ ඇතුළාන්තය දෙස ආදරණීය බලන සුන්දර ආදරණීය පොතකි මෙය.
එය දූපත් මානසිකත්වය උගුල්ලා දමා ජීවිතය දෙස නව මානයකින් බලන්නට අපට පාර පෙන්වයි.චරිත සිද්ධ් නැවුම් ආකාරයට හසු කරගෙන පියුමි ජයකළණි ලියූ නියුරලින්ක් කෙටි කතා සංග්‍රය මෑත කාලයේ මා කියවූ වෙනස් සුන්දර කෙටි කතා එකතුවක් බව මම නිර්ලෝභීව පවසමි.
ආදරය තරම් සුන්දර මෙන්ම හිත සුවපත් කරනා දෙයක් මෙලොව නැති බව...නැවත නැවතත් පවසමි..
පොත...
නියුරලින්ක්(NEURALINK)
කර්තෘ ...පියුමි ජයකළණි වික්‍රම ආරච්චි
ප්‍රකාශනය...සකඳ මලයි බබළු වැලයි ප්‍රකාශන

View full details