1
/
of
3
UK Sinhala Poth Kade
Nil Sanda Diye Pipen Numba Upul 1&2 | නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල් 1&2 by Waruni Wasawadaththa Deshapriya
Nil Sanda Diye Pipen Numba Upul 1&2 | නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල් 1&2 by Waruni Wasawadaththa Deshapriya
Regular price
£29.99 GBP
Regular price
£34.99 GBP
Sale price
£29.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල් 1
සාංසාරික ආදරයක්!
ඉරණම් සහගත හමුවීමක්!
අතරමඟක අතැරුණ ද අතනෑරෙන්නැයි තරුවල ලියා තිබූ නියමයක්!
චරිත දෙකක්…
දෛවය උස්සා පොළොවේ ගසනා වාරයක් වාරයක් පාසා අහසට නැඟ පායා පුන් පිරූ නීල අමදර!
එක ම සිතින්, එක ම හදින්, එක ම ලෙසින් එක ම පිරිමියෙකු නමින් අත්යන්ත ප්රේමයෙන් පිරුණු උපුලන්යා රෝස්මරී!
මේ ඒ දෙන්නාගෙ කතාව විතරක් නෙවෙයි, සහකම්පනය ඇති මිනිසුන් සහ ඔවුන්ගේ මානුෂීය සංකල්පනාත්, ඉමිහිරි සබඳතාත් ගැන කියැවෙන කතාවක්….
“නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්”
නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල් 2
“මට ඕන ඔයා සතුටින් ඉන්න රත්තරං. මට ඕන මගෙන් රිදුණු හිතට පුළුවන් තරම් සතුට දෙන්න. ඒ වෙනුවෙන් මට ලිලින්ද්රා එකත් අතාරින්න පුළුවන් කියලා මම අද දැක්කා. මට වෙන ජීවිතයක් ඕන නෑ. මට ඕන පුතෙක් හදන්න. එයා ඔයාට දෙන්න. මට ඕන ඔයා මට ආදරේ වෙන්න. ඔයාගෙ උපුල්ට. ඔයාගෙ පුතාගෙ අම්මා කියලා තව වැඩියෙන් ආදරේ වෙන්න. මට ඕන මනමේන්ද්ර ගෑනු ළමයා නොවී අමාගෙ උපුල් වෙන්න. අපෙ පුතාගෙ අම්මා වෙන්න. අපි ආයෙ කවදාවත් වෙන් නොවෙන්න. රණ්ඩු වුණත් ආයෙ ආයෙ අපිව ඕන වෙන්න. මට ඕන ළඟ ඉන්න. ඔයාට ගෙදරක් හදන්න. පවුලක් හදන්න. ඔයාගෙ විලේ මලක් වෙලා පිපෙන්න.”
අමදර ඇගේ දෙතොල් මෘදුව සිප ගත්තේය. ඇය නිදිමත සිනහවක් පෑවාය. ඔහු නිහඬව බලා සිටිනා අතරේ ඇගේ දෑස් පියවෙයි. තවත් මිනිත්තුවක දෙකක ඇවෑමෙන් ඇයට ඔහුගේ හඬ මන්ද්රව ඇසෙයි. ඒවායේ ස්වර අමදරගේ නොවනා තරම් සුමට ය.
“උපුල් කියන්නෙ මලක්වත්, නමක් වත් නෙවෙයි වස්තුව! උපුල් කියන්නෙ මගෙ ගෙදර. හැමදේම නැති වෙලා හිගන්නෙක් වෙලා ආවත් බඩගින්නෙ හරි මට වැටිල ඉන්න පුළුවන් තැන! ආදරේ කියන්නෙ තමන්ට තමන් වෙන්න පුළුවන් තැන. තමන්ගෙ ජීවිතේ තියෙන තැන. වස්තුව! ඔයා කියන්නෙ මගෙ ගෙදර! මගෙ නිවන! ඔයා කියන්නෙ මට.
Share
