UK Sinhala Poth Kade
Pattana Maha Pakarana Sannaya| පට්ඨාන මහා පකරණ සන්නය by Most Ven. Rerukane Chandrawimala
Pattana Maha Pakarana Sannaya| පට්ඨාන මහා පකරණ සන්නය by Most Ven. Rerukane Chandrawimala
Couldn't load pickup availability
බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි. එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.
Share
