UK Sinhala Poth Kade
Rathuwewi Mihimadala | රතුවේවි මිහිමඩල by Wasudewa Nanayakkara
Rathuwewi Mihimadala | රතුවේවි මිහිමඩල by Wasudewa Nanayakkara
Couldn't load pickup availability
මේ මහ පොළොව විශ්වයේ තැරැඹී වන යම් පෘථිවි වස්තුවක් සමඟ ගැටීමෙන් විනාශ වී යතොත්, එය හටගත් වසර බිලියන 4.7කට පමණ පෙර කාලය තුළ ගෙවී ගිය ඉතිහාසය නවතින්නේ හෝ අවසන් වන්නේ නැත. කාලය ගෙවී යද්දී යුගයෙන් යුගය ශිෂ්ටාචාර බිහිවේ, වෙනස් වී අනාගතයට පත් වූ ඉතිහාසය තවමත් ගමනේ ය.
මේ යුගයේ ලෝක ශිෂ්ටාචාරයේ විකාශනය මේ අවදිය තුළ ලෝකය රතු වන්නේ යැයි අප දකින්නේ, පසුගිය වසර 70ක පමණ කාලයක් ලෝකයේ ඵලප්‍රයෝජන ගැන අප ලබූ අත්දැකීම් ඇසුරින් ය. නමුත් සරල රේඛාවක් දිගේ යැවෙන ගමනක් නොව කට්ටියගේ ගතියක් තෝරා නොගෙන සිදුවන ගමනකි. මහා සාගරයේ දිය බිඳක් බළ අපගේ එම ජීවන අත්දැකීම් බිඳක් මේ කෘතිය තුළ හසුකර ගැනීමට උත්සාහ කර ඇත.
පුද්ගල ධනබලය සාන්ද්‍රණය වෙමින් ලෝක ජනතාව අනාථ වෙද්දී ධනය බෙදීයෑමේ අවශ්‍යතාව ඉතිහාසය විසින් නෙරපද්දී එය ඉටුකිරීමට සංවිධානාත්මක ජන බලවේග පෙළගැසේ.
මේ මොහොතේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිවරයා සහ ඊශ්‍රායලයේ හායනය ඉරානයට එරෙහි යුද්ධයේ දී ලෝකයාගෙන් තනිවෙමින් ඇත.
එක් එක් රටෙහි නිදහස උදෙසා ජනතාවගේ අභිලාෂය තවත් රටක වගකීම නොවන්නේ ය. නිදහසේ අභිලාෂය තරම් බලවත් අවියක් ලෝකයේ ම නැත. එනිසාම නිදහසේ ජීවත් වනු මනුෂ්‍ය වර්ගයා, නැවත සාමූහික නිදහස් ජීවන රටාව කරා වඩා ඉහළ තලයකින් සම්ප්‍රාප්ත වනු ඇතැයි මාක්ස් වැනි මහා ප්‍රඥයින් දක්වා ඇත.
ඒ කුමක් නිසා දැයි ද ඔහු විග්‍රහ කර පෙන්වා ඇත. මිහි මඬල රතු වන්නේ යැයි අප පවසන්නේ එබැවිනි.
Share
