Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Satanin Satana - JVP 2 Weni Kerella | සටනින් සටන - ජවිපෙ 2 වැනි කැරැල්ල දෙවැනි කාණ්ඩය by Dharman Wickramarathna

Satanin Satana - JVP 2 Weni Kerella | සටනින් සටන - ජවිපෙ 2 වැනි කැරැල්ල දෙවැනි කාණ්ඩය by Dharman Wickramarathna

Regular price £13.99 GBP
Regular price £15.99 GBP Sale price £13.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මෙම පොත ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල පිළිබද විස්තරය අඩංගු ය. 1986 සිට 1990 දක්වා 60,000 ක් ඝාතනය වූ ජ.වි.පෙ. දෙවැනි කැරලි සමය අළලා දශක 3 කට පසුව හෙළිකළ අතිහය සංවේදී සත්ය තොරතුරු මෙහි ඇතුලත් ය.

වසර 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල ශ්රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයකි. එම කැරලි සමයේදී ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වූ සංඛ්යාව 41,813කි. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව එසේ  ඝාතනයට ලක්වූ සංඛ්යාව 67,652කි. ජවිපෙ සන්නද්ධ අංශය ලෙස එකල කටයුතු කළ දේශප්රේමී ජනතා ව්යාපාරය මගින් ඝාතනය කළ සංඛ්යාව 6,661ක් වූ අතර සෙසු සියලූ දෙනා ඝාතනයට ලක්වූයේ ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්ර සම්බන්ධකම් ඇති අතුරු හමුදා කණ්ඩායම් මගිනි. ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව ලියැවෙන කෘතියක දෙවැනි කාණ්ඩය මෙය වේ.

ජවිපෙ 2වැනි කැරැල්ලේ ආරම්භය, විකාශය සහ අවසානය පිළිබඳ රචිත මෙම ග්රන්ථය ජ්යෙෂ්ඨ මාධ්යවේදී ධර්මන් වික්රමරත්න විසින් වසර ගණනාවක් පුරා කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණයක ප්රතිඵලයකි. පිටු 1,024කින් යුත් කෘතියට දුර්ලභ ඡුායාරූප 1,347ක් ඇතුළත්ය. මෙම ග්රන්ථය සුවිශේෂී වන්නේ කතුවරයා එවකට දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස එම සිද්ධීන් සියැසින් දුටු, ඇසූ සහ වාර්තාකළ ජනමාධ්යවේදියෙකු හෙයිනි. දීර්ඝ කාලයක් විශාල පරිශ්රමයක් දරා සොයා එක් රැස් කළ ජවිපෙ 2වැනි කැරලි සමයට අදාළ දුර්ලභ දත්ත සහ තොරතුරු මෙම කෘතියට ඇතුළත්ය. ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳව මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කියවූ උපකල්පන, විකෘති කිරීම්, වැරදි වැටහීම් සහ වැරදි මතයන් වෙනුවට සත්ය ඉතිහාසය පිළිබඳ වඩාත් නිවැරදි සහ නිරවුල් මංපෙත් මෙම ග්රන්ථය මගින් විවරකර තිබේ.

අසූවේ දශකයට යළි පාඨක මනස යොමුකරන මෙම කෘතිය 60,000ක් ඝාතනයට ලක්වූ ජවිපෙ 2වැනි කැරැලි සමය හකුළුවා දක්වන සංකේතයක් බඳුය. ලාංකීය දේශපාලනයේ පමණක් නොව ගවේෂණාත්මක ප්රවෘත්ති කලාවේ නව සම්ප්රාප්තියක්ද මෙම ග්රන්ථය මගින් සනිටුහන් කර ඇත. ශ්රී ලංකාවේ දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන අය පමණක් නොව සාමාන්ය පාඨකයාද මෙය කියවිය යුතුම අගනා කෘතියකි.

View full details