Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Separado | සෙපරාදෝ by Madhara Abeysinghe

Separado | සෙපරාදෝ by Madhara Abeysinghe

Regular price £10.49
Regular price Sale price £10.49
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

සාරා මෝර්ගන්ගේ සැමියා මරණීය දණ්ඩනයට නියම වී වසරකට පමණ පසු, නගරය කැලඹී යන්නේ නව DNA සාක්ෂියක් සොයාගැනීමත් සමඟය. ඒ අනුව නැවතත් ඇරඹෙන විමර්ශනය හේතුවෙන්, අතීතයේ සැඟවී තිබූ රහස් එකිනෙක නැවත හෙළිදරව් වීමට පටන්ගත් විට, සාරා මෝර්ගන්ගේ ජීවිතය යළිත් අභියෝගයට බඳුන්වීම වැළැක්විය නොහැකි විය. 
බොබ් මිලර්ගේ හදිසි ද්‍රෝහීවීම හමුවේ, සාරා තව තවත් ගැටලුවලට මැදි වේ. ඒ විශ්වාසය පලුදු වී ගිය විට, සඟවාගත් රහස් නිරාවරණය වීම නොවැළැක්විය හැකි සාධකයක් වන බැවිනි.
එකිනෙකට සබැඳුණු විමර්ශන ගණනාවකින් කැලඹී ගිය පොලිස් නිලධාරීහු, නව අධිෂ්ඨානයකින් යුතුව සැබෑ අපරාධකරුවා කවුදැයි සොයමින් වෙහෙසෙති.
තත්වය එබඳු වූ විට, තමා මෙතෙක් කල් සඟවාගත් රහස නිරාවරණය වීම වළකාගැනීමට කටයුතු කිරීම හැර අන් විකල්පයක් සාරා මෝර්ගන්ට නොවීය. ඇය, ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළාය. සිය දියණිය වටා සැරිසරන අන්ධකාර සෙවණැලි මධ්‍යයේ පවා, ඕ අප්‍රතිහතව පොලිසියට හමුවන සාක්ෂි වෙනස් කිරීමේ අරගලයක යෙදුණාය. ඈ දැනසිටියේ එකම එක් දෙයක් පමණි.
‘රහසක් රහසක්ව පැවැතීමට නම්, රහස දත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යා යුතුය!’

View full details