Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sulanga Numba Saha Mama | සුළඟ නුඹ සහ මම by Saman Edirimunee

Sulanga Numba Saha Mama | සුළඟ නුඹ සහ මම by Saman Edirimunee

Regular price £13.99 GBP
Regular price Sale price £13.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

බොරුවක් කියන්න ඕන නැහැ, ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හිනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුණේ නැහැ. ඔයා කියන කතාව නම් ඇත්ත. ආදරේ හිතලා කරන්න බැහැ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පටන් මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනි දවසේ වමනේ යනකං සියඹලා කැවුවා.  

මට ආදරේ අහිමි වුණේ පොඩි කාලෙදිමයි. අම්මා මාවයි තාත්තාවයි දාලා ගියාට පස්සේ අපි දෙන්නා ගෙදර තනියම හිටියේ. අපි කතා කළේ නැහැ. හිනා වුණේ නැහැ. එයා එයාගේ ලෝකේ. මං මගේ ලෝකේ. අම්මගෙන් ආදරේ බිදුනට පස්සේ, මං තාත්තගෙන් ආදරයක් බලාපොරොත්තු වුණේ නැහැ. මට හිතුනම ඒ දෙන්නා මාව හැදුවා නෙමෙයි. මං ඉබේ හැදුනා කියලා. මිනිස්සු අතරේ හැඟීම් සහ බැඳීම් තියෙනවා කියලා මට විශ්වාසයක් තිබුණේ නැහැ. මං පොඩි කාලේ ඉඳලම කාටවත් අවංක වුණේ නැහැ. කාටවත් ආදරේ කළේ නැහැ. කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ඒ තමයි මගේ මදාවි නහර ගතිය. මං හිතන්නේ, ඔයා මට ආදරේ කරන්න කලින් අනුකම්පා කළා. මං ඒකාව කැමැත්තකින් නෙමෙයි හිටියේ.

View full details