UK Sinhala Poth Kade
Suwisi Maha Gunaya | සූවිසි මහා ගුණය by Most Ven.Rerukane Chandrawimala
Suwisi Maha Gunaya | සූවිසි මහා ගුණය by Most Ven.Rerukane Chandrawimala
Couldn't load pickup availability
අරහං සම්මාසම්බුද්ධො යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මො යනාදීන් දැක්වෙන ගුණ සයක්ද ධර්මරත්නයෙහි අරත්තේය. සුපටිපන්නො භගවතෝ සාවක සංඝො යනාදීන් දැක්වෙන ගුණ නවයක් ඇත්තේය. සියල්ල එකතු කල කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට සූවිසි මහා ගුණයයි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයට සූවිසා මහා ගුණය යන නමම තබා ඇත. ” – කතෘහිමියන් විසින් මේ සටහන තබා ඇත.
පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත මේ පොත් වහන්සේ බාල මහලු වැඩිහිටි සැමදෙනා විසින්ම කියවිය යුතු උතුම් පුස්ථක රත්නයකි. තෙරුවන් ගුණ නිසි පරිද දන්නෝ තෙරුවනට අවමන් නොකරති. නුවණැති මිනිසසෙකු හට ඉතා වටිනා රත්නයක් තුනක් හිමි වූ කල්හි ඒව නොසලකමින් නොයන්නා සේ, එසේ නැතහොත් රැගෙන ගොස් පසෙක තබා ගරු බුහුමන් කිරීම පමණක් සිදු කරන්නාසේ හෙවත් ඒ රත්නයන් රැගෙනගොස් සිය අභිප්‍රායන් ඉටුකරගනිමින් සැපසේ ජීවත් වන්නා සේ තෙරුවන් නම් රත්නත්‍රය ලද පණ්ඩිතයා ඒ රත්නත්‍රය සරණකොට ගනිමින්, පිහිටකොට ගණිමින් සිය අභිප්‍රායන් ඉටුකරගනිමින් සසර සැඩපහර තරනය කරමින් නිවන් පුරට යන්නේය.
Share
