UK Sinhala Poth Kade
The White Tiger | Dhawala Wyagraya |ධවල ව්‍යාඝ්‍රයා translated by Somacha Wijesooriya
The White Tiger | Dhawala Wyagraya |ධවල ව්‍යාඝ්‍රයා translated by Somacha Wijesooriya
Couldn't load pickup availability
2008 දී මෑන් බුකර් ත්‍යාගය දිනාගත් අරවින්ද් අඩිගාගේ ‘ද වයිට් ටයිගර්’ ආන්දෝලනාත්මක නවකතාවකි.
‘ධවල ව්‍යාඝ්‍රයා’ නමින් එහි සිංහල පරිවර්තනය මුල් වරට 2010 දී නිකුත්වූ අතර එහි නවතම සංස්කරණය දැන් ඔබට
ලබාගත හැකිය
එවකට 34 වැනි වියෙහි පසුවූ අඩිගාගේ කුළුදුල් නවකතාව අන්තර්ජාතික පැසසුමට ලක්වීම සුවිශේෂ කරුණකි. මෑන්
බුකර් ත්‍යාගය දිනාගත් සිව්වැනි ඉන්දීය ජාතිකයා බවට පත්වනේ ද ඔහුය. මින් පෙර සලමන් රුෂ්ඩි, අරුන්දති රෝයි,
හා කිරාන් දේසායි මේ කීර්තිමත් සම්මානයට හිමිකම් කීහ.
නවීන ගෝලීය ආර්ථිකය හමුවේ නාගරික පන්තීන් හා ඉන්දියාවේ නැඟීමද, ඊට සපුරා වෙනස් ග්‍රාමීය පරිසරයක
වෙසෙන ජනයා දිළිඳුකමින් මිරිකී ජීවිතය සෙවීම ද ධවල ව්‍යාඝ්‍රයා කෘතියට තේමාත්මක පසුබිම සපයයි.
මෙහි කතානායකයා වන බාල්රාම් පැවත එන්නේ පීඩිත කුලහීනපන්තියෙනි. ඔහුගේ පියා රික්ෂෝකාරයෙකි. ඉගෙනීමේ දක්ෂතාවයක් තිබුණ ද ඔවුන්ගේ සමාජ පන්තියේ වටිනාකම් අනුව බාල්රාම්ව තේ කඩයක වේටර් වැඩකට
යැවෙයි. එහෙත් ඔහු අවසානයේ බැංගලෝරයේ ප්‍රවාහන සේවාවක් හිමි සල්ලිකාරයකු බවට පත්වෙයි. මේ ඉරණම්
කරණමට හේතුවන්නේ ඔහු රියැදුරෙකු ලෙස වංශවත් පවුලක සේවයට බැඳීමෙන් පසුවය.
ඉන්දියාව බලා එන චීන ජනාධිපතිවරයෙකු වූ ජෙබාඕට බාල්රාම් විසින් ලියන ලිපියක් ලෙසින් කතාවට මුල පිරෙයි.
කතාව යටින් දිවෙන්නේ ඉන්දියාවේ දූෂිත සමාජ දේශපලනික තත්වයේ ස්වභාවයයි.
අඩිගා වරක් ඒ ගැන මෙසේ පවසා තිබේ. “19 වැනි සියවසේදී ෆ්ලෝබෙයා, බල්සැක් හා ඩිකන්ස් ගේ විනිවිදින
විචාරශීලි ලිවීම් නිසා එංගලන්ත හා ප්‍රංශ සමාජය වඩාත් හොඳ තැනක් බවට පත්වුණා.”
පරිවර්තන කෘති කෙරෙහි නැඹුරුවූ පාඨකයාට කියවීමේ ආස්වාදය ලැබීමට හා ජීවිතය දැකීමට ‘ධවල ව්‍යාඝ්‍රයා’ මහත්
පිටිවහලක් වනු ඇත.
2021 ජනවාරි මස ‘ද වයිට් ටයිගර්’ චිත්‍රපටයේ ඇමෙරිකාවේ දී මුල්වරට තිරගත කිරීමදු සුවිශේෂ කරුණකි. ප්‍රියංකා
චොප්රා ද මෙහි චරිතයක් රඟපායි NETFLIX ඔස්සේ .””The White Tiger”. චිත්‍රපටය දැන් නැරඹිය හැකිය.
Share
