Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Upasampada Sheelaya | උපසම්පදා ශීලය by most Ven.Rerukane Chandrawimala

Upasampada Sheelaya | උපසම්පදා ශීලය by most Ven.Rerukane Chandrawimala

Regular price £7.99
Regular price £9.99 Sale price £7.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

සාමණේර දස ශීලය ආරක්ෂා කරන සාමණේර භික්ෂු නම විසිවයස් සම්පූර්ණ වූ පසු අධි ශීලයෙහි පිහිටුවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි. මෙම අධිශිලයට පත්වීම උපසම්පදාව ලෙස ව්‍යවහාර කෙරෙත්. වර්තමානයේ සම්බුද්ධ ශාසනය තුළ සිදු කරනු ලබන ඉහලම විනය කර්මය ලෙසට ද මෙම උපසම්පදා විනය කර්මය හැඳින්වෙයි. කෙසේ නමුදු ගත පැවිදි කළ හැකි වුවද සිත පැවිදි කිරීම නම් අමාරු කටයුත්තකි. එලෙසම උපසම්පදාවෙහිද එම කටයුත්ත ඉතා අපහසුය. ගත උපසම්පදා කිරීම මහා සංඝරත්නය සිදු කළ ද සිත උපසම්පදා කිරීම නම් ඒ පිළිබඳ අවබෝධයෙන් සිදු කළ යුතුය. එනිසා මෙම උපසම්පදා ශීලය මගින් එකී සිත උපසම්පදා කිරීම සඳහා අවශ්‍යය වන අවබෝධය එකදු අකුරක් නෑරම පැහැදිලි කරයි. උපසම්පදාපේක්ෂකයා හට ද උපසම්පදාවට පත් වූ භික්ෂුන් හට ද එකසේ වැදගත් වන ග්‍රන්ථයක් ලෙසට මෙම උපසම්පදා ශීලය හැඳින්විය හැකිය. 

View full details