UK Sinhala Poth Kade
Winaya Karma Potha | විනය කර්ම පොත by Most Ven. Rerukane Chandrawimala
Winaya Karma Potha | විනය කර්ම පොත by Most Ven. Rerukane Chandrawimala
Couldn't load pickup availability
විනයකර්ම පිලිබද දත යුතු කරුණු විනය පිටකයෙහි එක් පරිච්චේදයකම සදහන් නොවන බැවින් විනය පොත කියවා විනයකර්ම පිලිබද දතයුතු සියල්ල දැනගැනීමට ලෙහෙසි නැත. විනය පොත් භාවිතය අඩු භික්ෂූන්ට විනය පොත්වලින් ඒ ඒ විනය කර්ම ගැන සදහන් වන තැන් පවා සොයා ගැනීම අපහසුය. එබැවින් විනයකර්ම ගැන පලපුරුදු කම් මද වූද, විනය පොත් භාවිතය මද වූද, භික්ෂූන්ට ඒ ඒ විනයකර්ම කරන සැටි පහසුවෙන් දත හැකිවනු පිණිස විනයකර්මයන් නිවැරදිලෙස කරගත හැකිවන පිණිස සම්බුද්ධ ජයන්තිය නිමිත්ත කොට විනයකර්මපොත නම් වූ මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.” – කතෘ ස්වාමීන් වහන්සේ
පැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථය නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.
සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා
Share
