UK Sinhala Poth Kade
Yasodawa | යසෝදාව by Jayasena Jayakody
Yasodawa | යසෝදාව by Jayasena Jayakody
Couldn't load pickup availability
“දුව, මම මහත් අසහනයෙන් පසුවෙමි.”
“ඇයි නැන්දා?”
“ඔබ දෙ දෙන නිසා ය. කුටියට පිවිසීමට පෙරාතුව මා කීවා අමතකවිණි ද? ඔබ දෙ දෙනගේ වගකීම් සම්භාරය මා හිස මත ය. උපදෙස් පරිදි එක් නූවූයේ ඇයි දැ යි කියන් දුව?”
“අහෝ නැන්දා. එයට ඔහුගේ මනාපයක් නොවී ය. මාගේ මනාපයකුත් නැත. තිරි සතුන් සේ නොහැසීරීමට අපි සම්මතකොට ගතිමු. මා පැතූ පරිදි ම ඔහු නම් බඹ උතුමෙකි!”
“ඔබ දෙ දෙන එක්කළේ අපගේ ද වුවමනාවට ය. ඔබගේ වෑයම සහ යුතුකම වියයුත්තේ ඉවත බලන සිදුහත් පුතණුවන් ලම්බාගැනීම ය. නො එ සේ ව, ඉවත බලන ඔහු වර්ණනා කිරීම හෝ අනුගමනය කිරීම හෝ නොවේ. කිරි පැණි, දෙ පස දෙ බඳුනේ තබා පසුවීමේ කවර ආස්වාදයක් දැ යි කියන් දුව? මුසුකොට අනුභව ම කළයුතු වේ. ජීවිතය පරිපූර්ණ වන්නේ එවිට යි.”
“කිරි පැණියට වුව මගේ විශේෂ ආසාවක් නැත නැන්දා. අපි යහන්ගතවීමට පෙර රත්ව හුන්නෝත් නොවෙමු. යහන්ගතවූ පසු රත්වූවෝත් නොවෙමු. අප හුන් සැටි ප්‍රමාණවත් ය. අපට ඉදිරියට ද මෙ සේ පසුවන්නට අවසරය දුන මැනවි නැන්දා. ඒ සුව යි, සුන්දර යි, විනීත යි.”
Share
