Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Yuganthaya | යුගාන්තය by Martin Wickramasinghe

Yuganthaya | යුගාන්තය by Martin Wickramasinghe

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

තලතුනා වියෙහි වූවෙක් එවුන් දෙදෙනාට පිටු පා ගමන් කලේය. "තිස්ස" යි මාලින් හඬ ගෑවේය. ඔහු ආපසු ඇවිත් මාලින් ඉදිරියෙහි වූ පුටුවෙහි වාඩි වූයේය.

"තිස්ස කයිසාරුවත්තේ - අරවින්ද අඳුනන්නේ නැහැ නෙවෙද? දොස්තර -"

"නැහැ. අහලා තියෙනවා" යි තිස්ස කීවේය. ඔහුගේ අවුල් වුන කෙස් වැටියට යටින් වූයේ ලොකු හිසකි. දික්වූ නැහැය පුළුල් නළල් තලයෙන් ඇදුණු හොටක් වැන්න. නිතර අඩන් වැසී සිටින ඇස් දෙකෙහි උමතු ශෝකාකූල බැල්ම ප්‍රකට වූයේ ඔහු ඉඳ හිට ඇස් විදහාගත් විටක පමණි.

"තිස්ස අපේ ළඟ නෑයෙක්. අපේ අම්මා තිස්සගේ අක්කාගේ දූ - ලේලි. තිස්ස මට හඳුනාගන්න ලැබුනේ මෑතකදී."

තිස්ස හැටවයසද ඉක්මවූවකු නමුත් පෙනුමෙන් පනස් වියෙහි පසු වූවෙකි. ඔහුගේ කමිසය අලුත්ය. කලිසම නොකිළිටි වුවද කබලකි.

තිස්ස කවර ජාතියක වුවද අතීතය නොසලකන්නෙකි. වර්තමානයට පරිභව කරන්නෙකි. ඔහු කිසිවක් නොඅදහයි, විද්‍යාවට සරදම් කරයි; සමාජයට සිනාසෙයි. ඉතිහාසය නවකතාවක් යයි කියයි. 'තිස්ස පිස්සන් කොටුවට යැවිය යුත්තෙකි'යි ඇතැමුන් කියන බව මාලින් දනිතත් අරවින්ද නොදනියි. සමාජයෙහිම වාසය කරන කෙලෙස් තැවූ මිනිහා භයානකයෙකි. ඔහු හොඳ මිනිසකු ලෙස සැලකෙන්නේ සමාජයෙන් ඈත්වූ විටය. අනෙකාගේ දුකෙහිදි දුක් නොවන, අපරාධය දුටු තැන සංවේග නොවන, මරණයේදී නොහඬන, තමාට බැනවැදුන කල නොකිපෙන එකා සමාජය විසින් නිෂ්ඵල මිනිසෙකු යයි සැලකීම වැරදිද?

View full details